Social Service Division
- Free lens application for senior citizens over 60 years
[PDF - 305 KB] - Application for Bio medicine Assistance for Low-Wage Elderly People in excess of 70
[PDF - 293 KB] - Providing housing assistance to disabled persons
[PDF - 688 KB] - Request for self employment assistance for disabled persons
[PDF - 264 KB] - Provision of life assistance for disabled persons
[PDF - 342 KB] - The preliminary report on tuberculosis request
[PDF - 3 MB] - Application for an allowance of Rs. 20000 / = for mothers of mothers
[PDF - 373 KB] - Application for self employment assistance
[PDF - 2 MB] - Application form for admission to the Grade
[PDF - 784 KB] - Application for elders identity card
[PDF - 725 KB] - Pensioners' Application for Free Railway Warrants
[PDF - 161 KB] - Disabled social service opportunities
[PDF - 1 MB] - Application for Public Assistance Monthly Allowance
- Re-examining the recipients of Public Assistance
Land Division
- Application for a Permit for Soil Digging / Transportation
- Recommendation of Grama NIladhari about on Extension of Excavation Permit (Sand)
- Collecting Current Information on State Land
- Request a Permit for Unauthorized Land
- Tree Cutting Permits(various)
- Tree Cutting Permits(Jack/Bread)
- Timber Transport Permits (New Issuances/Extensions)
- Application for Eg license for LL license after 1979/89Application for Eg license for LL license after 1979/89
- Form of exclusion of government land by notarized deeds
- Obtaining approval for cutting timber
- Asignment of life right
- After posting the ownership
- Application for Providing Formal Documents
Samurdhi Division
Cultural Division
Rural Development
Early Childhood Development
Under the Digital Services Project Which is being implemented by the Kaluthara District in Collaboration with the Divisional Secretariats
You can download the Required Application form via the link below without waiting in queues.
Application For Felling of jackfruit,melon,Female palm trees and Cocount Trees.
- ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
- රාජ්‍ය පරිපාලන හා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කළුතර
- මෝටර් රථ දෙපාර්තමේන්තුව - බස්නාහිර පළාත
- ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
- සමාගම් මැදුර
- ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව - බස්නාහිර පලාත
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
- ආපදා කළමනාකරණ අමාත්‍යාංශය
තොරතුරු දැනගැනීමේ පනත යටතේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා පනතේ සඳහන්
විධාන යටතේ පහත සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය.
නම : එස්.එස්.පී.කුමාර.
තනතුර : සහකාර ප්‍රාදේශීය ලේකම්
ලිපිනය : ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
බුලත්සිංහල.
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක: +94 034 22 83138
ෆැක්ස්: +94 034 22 82909
විද්‍යුත් තැපෑල: moha.divi.bulathsinghala@gmail.com
අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ.
තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම
නම් කළ නිලධාරියා
නම: කේ.ටී.කේ.සුලෝචනී මිය.
තනතුර: ප්‍රාදේශීය ලේකම්
ලිපිනය: ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බුලත්සිංහල
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක: +94 034 22 83185
Fax: +94 034 22 82909
විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
කොමිෂන් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කිරිම
| නම් කළ නිලධාරියාගේ තීරණය හේතුවෙන් පීඩාවට පත්වීම මත හෝ පනතෙන් නියම කරනු ලබන කාලසීමාවතුළ එකී නිලධරයාගෙන් තීරණයක් ගැනීමට අසමත්වීම මත ඕනෑම අභියාචකයෙකුට කොමිෂන් සභාව වෙතට මෙකී රීති වල දැක්වෙන සාම්පල පෝරමයෙන් ඉල්ලා සිටින තොරතුරු ලබාදීම මගින් කොමිෂන් සභාව වෙත අභියාචනා කළ හැකිය. |
| අභියාචනය කොමිෂන් සභා කාර්යාලයේ ගොනු කළ යුතු අතර, පුද්ගලිකව හෝ ලියාපදිංචි තැපෑල මගින් ලබාදිය හැකිය. |
| අභියාචනයක් සාමාන්‍ය වශයෙන් සලකා බැලීම සඳහා මාස 2 ක් ඇතුළත ඉදිරිපත් කළයුතුය. |
| එබදු අභියාචනයක්, සත්‍ය පිටපත් බවට තමන් විසින් සහතික කළ පහත දැක්වෙන ලිකියවිලි සමඟ ඉදිරිපත් කළ යුතුය |
| පනතේ 24 වන වගන්තිය යටතේ සිදුකළ ඉල්ලීමේ පිටපතක් |
| තොරතුරු නිලධාරියාගෙන් යම් පිළිතුරක් ලැබුවේ නම් එම පිළිතුරේ පිටපතක් |
| පනතේ 31 වගන්තිය යටතේ නම් කළ නිලධාරියා වෙත සිදුකළ අභියාචනයේ පිටපතක් |
| නම් කළ නිලධාරියාගෙන් යම් පිළීතුරක් ලැබුවේ නම් එම පිළිතුරේ පිටපතක් |
|
අභියාචක විසින් සුදුසු යැයි හැඟෙන, ඔහුගේ හෝ ඇයගේ අභියාචනයට අදාළව ඉදිරිපත් කළ සෙසු ලියකියවිලි වල පිටපත්, ඒවායේ සුචියක් සමඟ
අභියාචනයක් අභියාචක විසින් පිටපත් දෙකකින් යුතුව ගොනුකළ යුතුය.
|
| රීති (1-5) දක්වා ඇති කොන්දේසි තෘප්ත නොකරන්නේ නම් කොමිෂන් සභාව විසින් අභියාචනයක් සාමාන්‍ය වශයෙන් පිළිනොගනු ඇත. |
| මාස දෙකේ කාලපරිච්‍ඡේදය ඉක්මවා යාමෙන් පසුව වුවද, ඔහුගේ/ ඇයගේ පාලනයෙන් බැහැරව හේතුවක් විසින් ඔහු/ ඇය අභියාචනය ඉදිරිපත් කිරිමෙන් වළක්වා ඇතිවිටදී එකී අභියාචනය පිළිගැනීමට කොමිෂන් සභාවට හැකියාව ඇත. |
| කොමිෂන් සභාවේ ලිපිනය : |
| මහින්ද ගම්මන්පිල |
| සභාපති |
| තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව |
| කාමර අංක 203-204 |
| බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව |
| කොළඹ 07 |
| දුරකථන අංකය. +94 11 2691625 |
ගාස්තු ගෙවීම:
| 1. අයදුම්පත් ගාස්තු |
|
කිසිදු පොදු අධිකාරියක්, පුරවැසියකු විසින් තොරතුරු ඉල්ලීමක් සිදුකිරීම සඳහා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ අයදුම්පතක් සැපයීමේදී කිසිදු ගාස්තුවක් අය නොකළ යුතුය'තොරතුරු ඉල්ලීමක් සම්බන්ධයෙන් මූලික කටයුතු කිරීම සඳහා කිසිදු පොදු අධිකාරියක් කිසිදු ගාස්තුවක් අයනොකළ යුතුය
|
| 2 තොරතුරු සඳහා ගාස්තු |
| අන් ලෙසකින් නියම කර ඇත්තේ නම් මිස, තොරතුරු ඉල්ලීමක් සඳහා ප්‍රතිචාර වශයෙන් තොරතුරු සැපයීම පිණිස පහත දැක්වෙන ගාස්තු පොදු අධිකාරියක් විසින් අයකරනු ලැබිය හැකිය |
| (i)ඡායාපිටපත් ගැනීම : |
|
(අ) A4 (සෙ.මී.21x සෙ.මී29.7) කඩදාසියක හෝ ඊට වඩා කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්තක් රු.2/- සහ එකම කොළයේ දෙපැත්ත රු.4/- ක් වේ.
(ආ) ලීගල් ප්‍රමාණයේ (සෙ.මී.21.59xසෙ.මී35.56) කඩදාසිය සහ A3 ප්‍රමාණයේ (සෙ.මී.29.7x සෙ.මී42) කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු.8/- ක් වේ.
(ඇ) ඉහත සඳහන් කල ප්‍රමාණයට වඩා විශාල කඩදාසියක සපයනු ලබන තොරතුරක් සඳහා සැබෑ වියදම අයකෙරේ.
|
| (ii) මුද්‍රිත පිටපතක් ලබාගැනීම |
|
(අ) A4 (සෙ.මී.21x සෙ.මී29.7) කඩදාසියක හෝ ඊට වඩා කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු8/- ක් වේ.
(ආ) ලීගල් ප්‍රමාණයේ (සෙ.මී.21.59xසෙ.මී35.56) කඩදාසියක සහ A3 ප්‍රමාණයේ (සෙ.මී.29.7x සෙ.මී42) කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු.8/- ක් වේ.
(ඇ) ඉහත සඳහන් කල ප්‍රමාණයට වඩා විශාල කඩදාසියක සපයනු ලබන තොරතුරක් සඳහා සැබෑ වියදම අය කෙරේ.
|
| (iii) තොරතුරු ඉල්ලීම සිදුකරනු ලබන පුරවැසියා විසින් සපයනු ලබන ඩිස්කට්ටුවක් (Diskette) සංයුක්ත තැටියක් (Compact Disc) යූඑස්බී දත්ත පරිවාහකයක් (USB mass drive) හෝ එබඳු වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංගයක් වෙත තොරතුරු පිටපත් කරදීම පිණිස මේ එක් එක් අයිතමයක් සඳහා රු.20/- බැගින් අයකෙරේ. |
| (iv) පොදු අධිකාරිය විසින් සපයනු ලබන ඩිස්කට්ටුවක් (Diskette) සංයුක්ත තැටියක් (Compact Disc) යූඑස්බී දත්ත පරිවාහකයක් (USB mass drive) හෝ එබඳු වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංගයක් වෙත තොරතුරු පිටපත් කරදීම සඳහා සැබෑ වියදම අයකෙරේ. |
|
v) යම්කිසි ලියවිල්ලක් හෝ විෂයයක් පරීක්ෂා කරන්නේ නම් හෝ ඉදිකිරීම් ක්ෂේත්‍රයක් පරීක්ෂාවට ලක්කරන්නේ නම් පැයකට රු.50/- බැගින් අයකරනු ලබන අතර,එකී අධ්‍යයනය/පරීක්ෂාව සඳහා පැයකට වඩා වැඩි කාලයක් ගතවන්නේනම් පළමු පැය සඳහා ගාස්තු අයනොකෙරේ. මෙය සිදු කරනුයේ නොමිලයේ එබඳු පරීක්ෂාවක් සිදු කිරීමට ඉඩසැලසූ පොදු අධිකාරීන්ගේ එකී භාවිතයට අගතියක් නොවන පරිදිය. තවද
එකී පොදු අධිකාරීන්ගේ එකී භාවිතය මෙම උප රීතිය තිබියදී වුවද එසේම පවතිනු ඇත .
|
|
(vi) නියැදි (සාම්පල) හෝ ආකෘති (මොඩල) සඳහා සත්‍ය වියදම අයකෙරෙනු ඇත.
|
| (vii) ඊ මේල් (විද්‍යුත් තැපෑල) මගින් සපයනු ලබන තොරතුරු සඳහා ගාස්තු අය නොකොර්. |
| 3. චක්‍රලේඛ හෝ රීති වශයෙන් මීට පෙර නියම කල හෝ නිකුත් කල ගාස්තු උපලේඛනයක් යම්කිසි පොදුඅදිකාරියක් සතුව පවතියි නම්, 4 වන රීතියේ කුමක් සඳහන් වුවද එකී ගාස්තු උපලේඛනය දිගින් දිගටම ක්‍රියාත්මක වනු ඇත.මේ අනුව, දැනට පවත්නා ගාස්තු උපලේඛන සම්බන්ධයෙන් යම්කිසි ගැටුමක් ඇති වුවහොත්, ගාස්තු සහ අභියාචන පිළිබඳ මෙකී රීතිවලට අනුකූලව එබඳු තත්වයක්, කොමිෂන් සභාවෙන් නිශ්චය කලයුතු අභියාචනයකට විෂය විය හැකිය. |
|
4.ගාස්තුවකින් තොරව සපයනු ලබන තොරතුරු :
(1) ඉහත සඳහන් කළ 4 වැනි රීතියේ කුමක් සඳහන් වුවද, පොදු අධිකාරය විසින් පිටු හතරක් (ඒ 4 ප්‍රමාණයේ) ප්‍රමාණයේ තොරතුරු අන්තර් ගත හෝ සකසන ලද ඡායා පිටපත් හෝ මුද්‍රිත පිටපත් ගාස්තුවකින් තොරව ලබා ගත යුතුය.
|
| (2) සාමාන්‍යෙයන් ගාස්තුවකින් තොරව ලබා දිය හැකි තොරතුරු, තවදුරටත් ගාස්තුවකින් තොරව ලබා ගත යුතුය. |
| 5.ගාස්තු ගෙවීමේ ක්‍රමය : |
| මෙකී රීති වලට අන් තැනෙක කුමක් සඳහන් වුවද, පොදු අධිකාරයට පහත දැක්වෙන ආකාරයට තොරතුරු සඳහා ගාස්තු අයකළ හැකිය. |
| තොරතුරු නිලධාරියාට අත්පිට මුදල් වශයෙන් |
| පොදු අධිකාරියේ ගිණුම් නිලධාරයා වෙත යොමු කල බැංකු අණකරයක් මගින් |
| ගාස්තු ගෙවීමේ ක්‍රමය කුමක් වුවද තොරතුරු නිලධාරියා විසින් එකී ගෙවීමට අදාලව රිසිට්පතක් නිකුත් කළ යුතුය. |

















